Tuesday, June 18, 2019

ගුවන්විදුලි නිවේදකයෙකු හා නාට්‍ය ශිල්පියෙකු ලෙස මාධ්‍ය ජීවිතය ආරම්භ කොට පසුව රූපවාහිනී නිවේදකයෙකු හා නාට්‍ය ශිල්පියෙකු ලෙස බොහෝ ජනප්‍රිය වැඩ සටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස සමාජය තුළ දන්නා හඳුනන පුද්ගලයෙකු විය.

1977 සිටම විවිධ පුවත්පත් වල කවි හා කෙටිකතා නිර්මාණ පළ වූ නමුදු ග්‍රන්ථකරණයට පිවිසියේ 2017 දී කවිවර ප්‍රකාශකයන් විසින්  " නිවේදක වෘත්තියට පිවිසුමක් " නමින් විශයානුබද්ධ කෘතියක් නිකුත් කරමිනි.

2018 දී ගුණසේන පොත් සමාගම විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ " පුංචි පුංචි පිරුළු කතන්දර " දෙවන කෘතියයි. 

2019 දී නිකුත් වූ " යසෝහාමිගේ චැනල් බණ හා වෙනත් කතා " තුන්වන කෘතිය මෙන්ම ප්‍රථම කෙටිකතා සංග්‍රහය යි.

ඒ පොත පත ඇතුළත ඇති ඇතැම් දේ කියවන්නට කෙරෙන ඇරැයුමකි මේ.

No comments:

Post a Comment