අන්දරේට පොල් පැළ පරිස්සම් කරන්න බාර දුන්නා වාගේ
ඔන්න පුතේ දුවේ මේකත් බොහොම අගේ ඇති කියමනක්.. පහු කාලෙක ප‍්‍රස්තාව පිරුළක් හැටියට තමයි භාවිතා වෙන්නෙ. පුතාලා දුවලා අන්දරේ ගැන අහල ඇති නෙව. අන්දරේ කියන්නෙ බොහොම ඉස්සර සිංහල රජකාලෙ උන්නු මනුස්සයෙක්. අන්දරේ ගෙ බොහොම කපටි මොළයක් තිබුනා. හැබැයි සමහර වෙලාවට අන්දරේ කරන්නෙ මෝඩ වැඩ තමා. ඒ හුගක් ඒවාගෙන් අන්දරේ අමාරුවෙ වැටුනා. හැබැයි මිනිහා සමහර වෙලාවට තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා කරදර වලින් බේරුනු අවස්ථාවලූත් තිබුනා. අන්දරේ ගෙ හපන්කම් හින්දම පහු කාලෙක අපේ ජන වහරට බොහොම රසවත් කතන්දර රැුුසක් එකතු වුනා වගේම අපේ හෙළ බසට අපූරු කියමන් හා ප‍්‍රස්ථාව පිරුළු රැුසක්ම එකතු වුනා.
මේ ප‍්‍රස්ථාව පිරුළත් එයින් එකක් තමා. ඔන්න අන්දරේගෙ කාලෙ උන්නු රජ්ජුරුවන්ගෙ ඉඩමක පොල් පැළ හිටවන්න ඕනෙ කියලා රජ්ජුරුවො තීරණය කළා. හැබැයි මේ ඉඩම තිබුනෙ මාළිගාවට තරමක් ඈතින්. ඒක හන්දා රාත‍්‍රී කාලයට සොරුන්ගෙන් පොල් පැළ ටික පරිස්සම් කර ගන්න එක රජ්ජුරුවන්ට ප‍්‍රශ්නයක් වෙලයි තිබුනෙ. අන්දරේ තමයි රජ්ජුරුවන්ට හිටිය විශ්වාසවන්ත ම ගෝලයා. ඒක හන්දා රජ්ජුරුවො අන්දරේගෙන් ඇහුවා පුළුවන්ද පොල් පැළ ටික දවල්ටයි රාත‍්‍රී කාලයටයි පරිස්සම් කරන්න කියලා. අන්දරේත් බොහොම කැමැත්තෙන් කරන්නම් කියලා කිවුවා.
එතකොට රජ්ජුරුවො ආයෙමත් කිවුවා..
‘‘හැබැයි අන්දරේ.. බාරගත්තා වාගෙ නෙවෙයි.. ඇස් දෙක ගාව තියාගෙන වාගෙ පරිස්සම් කරන්න ඕනෙ..’’
කියලා. එතකොට අන්දරේ කිවුවා..
‘‘ ඕක මොකද්ද මහ රජතුමනි... මගේ ඇස් දෙක ඉස්සරහින් තියෙනවා වාගෙම බලාගන්නං .’’ කියලා .
දැන් ඉතින් රජ්ජුරුවන්ට හරිම සන්තෝසයි. ඒ වගේම විස්වාසයි අළුත් පොල් පැළ ටික හොරුන්ගෙන් පරිස්සම් වෙනවා කියලා.
ඉතිං රජ්ජුරුවොත් තමන්ගෙ සේවකයන්ට කියලා පොල් පැළ හිටෙව්වා. අන්දරේට දවල්ටයි, ?ටයි බලාගන්න කියලා බාරදුන්නා. දැන් ඉතින් සේවකයො දවල්ට වතුර දානවා, පෝර දානවා, පැළ වලට සත්කාර කරනවා. ඒත් ටික දවසක් ගතවෙනකොට පොල් පැළ සේරම මැලවෙලා ගිහිං, කොළ සේරම කහ පාට වේගන ආවා. සේවකයො රජ්ජුරුවන්ට ගිහිං කිවුවා,
‘‘ අපි කොච්චර වතුර දාලා සත්කාර කලත්, පොල් පැළ මැරීගෙන යනවා වාගෙ.. දැනටම මැලවෙලා ගිහිං ’’ කියලා.
රජ්ජුරුවොත් ඉක්මණටම පොල් ඉඩමට ගිහිං බැලූවා. කාරණාව ඇත්තයි. පැල ටික බාගෙට මැරිලා. රජ්ජුරුවො අන්දරේ ට එන්න කිව්වා. අන්දරෙත් ආවා. රජ්ජුරුවො අන්දරේගෙන් ඇහුවා..
‘‘ ඈ.. අන්දරේ.. මේ පොල් පැල ටික දවාලට වතුර, පොහොර දාලා සත්කාර කළත්, ඇයි මේ මැරීගෙන යන්න වාගෙ කහපාට වෙලා..’’ කියලා.
අන්දරෙත් උත්තර දුන්නා
‘‘ අනේ රජතුමනි.. මටත් හිතාගන්න බෑ නෙව.. මෙච්චර ඇහේ තියාගෙන පරිස්සම් කරලත් මෙහෙම වෙන්නෙ කොහොමද කියලා. ’’
දැන් රජ්ජුරුවන්ටත් පුදුමයි. රජ්ජුරුවො මෙහෙම ඇහුවා අන්දරේගෙන්..
‘‘ ඈ.. අන්දරේ.. අන්දරේටත් හොරෙන් ?ට..?ට.. කවුරු හරි ඇවිදිං වස විස ටිකක් වත් පොල් පැළ වලට දැම්මද දන්නෙ නෑ.. නේද..’’
‘‘ එහෙම වෙන්නෙ කොහොමද රජතුමනි.. ?ට..?ට අපේ ගෙදරට හොරු එන්නෙ කොහොමද.. මං ඇහැරගෙන මිදුල දිහා බලාගෙනම නෙව ඉන්නෙ.’’ කියලා අන්දරේ කිවුවා.
‘‘උඹේ ගෙදර මිදුලක් ගැන මං ඇහුවෙ නෑනෙ.. මං කිවුවෙ පොල් වත්ත ගැන..’’ රජ්ජුරුවො කේන්තියෙන් ඇහුවා.
‘‘ ඒක තමා රජතුමනි මාත් කියන්නෙ.. පොල් වත්තට හොරු පැන්නට වැඩක් නෑ නෙව.. පොල් පැළ ටික අපේ ගෙදර මිදුලෙ නෙව.. මං ඒවා හොදට බලාගත්තා..’’ අන්දරේ උත්තර දුන්නා.
රජ්ජුරුවන්ට හොදටෝම කේන්ති ගියා.
‘‘ මොකද්ද අන්දරේ කිවුවෙ... පොල් පැළ ටික උඹේ ගෙදර.. මං අද උඹට හොද පාඩමක් උගන්නනවා..’’ කියාගෙන කඩුවත් ඇදලා ගත්තා.
අන්දරේ හොදටම බය වුනා. රජ්ජුරුවන්නෙ දෙපතුල ළග අඞාගෙන ඇදගෙන වැටුනා.
‘‘ පස්වාන් දහසකට බුදුවෙන්ට හොදා මගේ රජතුමනි.. මං පිළිපැද්දේ ඔබ වහන්සේ මට දුන් රාජ නියෝගයයි. ඔබ වහන්නේ මට කීවෙ දවල්ට වාගෙම ?ටත් ඇහේ තියාගෙන වාගෙ පැළ ටික බලාගන්න කියලා නෙව. තරහ ඉවසන්ට මහ රජතුමනි.. මං දවාලට දෑස රිදෙනකල් පොල් පැළ ටික බලාගෙන පරිස්සං කළා.. ?ට නිදිමත එන හන්දා පොල් පැළ ටික ගලෝගෙන ගෙදර අරං ගිහිං මිදුලෙ ගොඩ ගහගෙන ඒ ගාවින් පැදුරකුත් එළාගෙන ? එළිවෙනකල් දෑස් දෙක ඉස්සරහින්ම තියාගෙන බලාගත්තා.. පාන්දරින් ආපහු ඉඩමට ගෙනැල්ලා හිටෙවුවා... ඒකයි කළේ...’’
එහෙම කියාගෙන විලාප තිය තිය අඞන්න පටන් ගත්තා. රජ්ජුරුවන්ටත් තේරුනා වෙලා තියෙන වැරැුුද්ද. අන්දරේ රජ්ජුරුවො කියාපු දේ තේරුං ගත්තු හැටි තමා මේ විනාසෙ මුල කියලා හිත හදාගත්තා.
ඔන්න දැක්කා නේද දුවේ..පුතේ.. යම්කිසි වැදගත් වගකිවයුතු වැඩක් ඒ සදහා නොදිය යුතු නුසුදුසු කෙනෙකුට බාර දීලා, ඒ වැෙඬ් අවුල් වෙලා විනාශ වෙලා ගියාම අදත් කියැවෙන අපූරු පිරුළක් තමයි.. ඒ මිනිහට ඔය වැෙඬ් බාරදුන්නු එක හරියට ‘‘ අන්දරේට පොල් පැළ පරිස්සම් කරන්න දුන්නා වගේ ’’ තමා කියන ප‍්‍රස්ථාව පිරුළ
No comments:
Post a Comment