දහවල් උපාසක දානයෙන් පසුව යෙදී ඇත්තේ යශෝධරා සිල් මෑණියන්ගේ භාවනා වැඩ සටහන බව දන්නා උපාසක ඇත්තෝ රැුසක් ම ධර්ම ශාලාවෙන් නැගිට හෙමින්ම පන්සලේ තැනින් තැනට ඇදී යති. ඒ බව යසෝහාමි උපාසිකාව හොඳින්ම දනී. පන්සලේ සිල් ඇත්තන්ගේ නිල නොලත් නායිකාව ලෙස තමා විසින්ම තමාව පත් කර ගෙන ඇති බැවින් ඇයට බණ මඩුවෙන් ඉවතට යාමට නොහැක. තමා අසලින් පැදුරේ වාඩිවී සිටින පියවතී උපාසිකාව ද හුන් තැන ඇඹරෙමින් සිටින්නේ නැගිට ගැනීමට නොහැකිව බැව් යසෝහාමි ට දැනින.
‘‘ දැන් ඉතින් නින්ද යයි නේද ’’
‘‘ ඒකනං ඇත්ත තමා යසෝහාමි නැන්දෙ ’’
දසසිල් මෑණියන් ට තමන් ද නොකැමැති බව ද ඇයට කියා ගන්නට නොහැක . යසෝහාමි උපාසිකාවට අවශ්‍ය වූයේ තමා ද බෝධි මළුවට ගොස් පාඩුවේ සිටින්නටයි . එහෙත් අනිත් අයගේ දෑසට හොරෙන් ඇයට එසේ කරන්නට නොහැකිය .
‘‘ ඇත්තමයි මටත් නම් නින්ද යනවා ’’
යසෝහාමි නැන්දා පැවසුවාය
‘‘ අනේ ඇත්තට දවල් දානෙන් පස්සේ මොන භාවනා ද .. දෙයියනේ කියලා ඇහැ පියා ගන්ට පුළුවන් වෙන්නේ මේ පැයේ නෙව . එ්කට දස සිල් මෑණියෝ රිංගනවා .. විකාර’’
යසෝහාමි උපාසිකාව එසේ කියා ඉවත බලා ගත්තාය. සෑම පොහොය දිනකම සිල් ඇත්තන්ගේ ප්‍රධානියා වන්නට ඇය කැස කවන්නේ දැන් පොහොය සියගණනකට පෙර සිටය. .
යසෝහාමි උපාසිකාව සිල් ගන්නට පටන් ගත්තේ දැනට වසර දහයකට පෙර සිටය. ඇයගේ සැමියා වූ කරෝලිස් හදිසියේම මියයෑමෙන් යසෝහාමි තනි වූවාය. ඇයට ද මරණය පිළිබඳව මෙන්ම මතු භවය පිළිබඳ වත් වැටහෙන්නට පටන් ගත්තේ තුන්මාසේ බණට වැඩමවා වදාළ නායක හාමුදුරුවෝ මතු භවයන් පිළිබඳව විස්තර කළ මොහොතේදී ය. පේ‍්‍රත භවයක් ලදහොත් විඳිනා දුක් පිලිබඳවත් , කෑමට ලැබෙන අසූචි හා සොටු ආදිය පිළිබඳවත් විස්තර කල නායක හාමුදුරුවෝ ‘‘මේවා කාට කාටත් පාඩම් ’’ යයි වදාළහ .
‘‘දැන් ඉතින් යසෝහාමි අක්කාටත් තියෙන්නේ බණක් දහමක් අසාගෙන හතරපෝයට බැරිනම් මහ පෝයටවත් සිල් අරගෙන තමුන් යන තැනට වැඩක් කරගන්න ’’
යැයි නායක හාමුදුරුවෝ එදා කී ආකාරය යසෝහාමි බියට පත් කළාය . ඊළඟ මාසයේ පොහොය දිනයේ ම සුදු වතින් සැරසී යසෝහාමි පන්සලේ සිටිනු දක්නා ලදී. ජීවත්ව සිටින කාලය පුරාම ගමේ ප්‍රසිද්ධ කේලම් කාරියක් ලෙස කාගෙත් අප්‍රසාදයට ලක් වූ යසෝහාමි සුදුවතින් සැරසී පන්සලට පැමිණි පළමු දිනයේ සිල් ඇත්තෝ මහත් පුදුමයෙන් ඈ දෙස බැලූහ . කෙසේ වෙතත් එදින පාන්දර නායක හාමුදුරුවෝ පිරිස සිල් සමාදන් කරවා බණට කීවේ යසෝහාමි උපාසිකාව ගැනය . එයින් උද්දාමයට පත් යසෝහාමි හැම පෝයටම සිල් ගනිමින් පොහොය සීයක් පසුකොට දැන් පන්සලේ ප්‍රධාන මහෝපාසිකාව වී ඇත.
අසීරුවෙන් නිදිකිරමින් භාවනා වැඩසටහන පසුකල යසෝහාමි ගිලන්පස වෙලාවේ යලි කරුණාවතී හා කතාවට වැටුණාය
‘‘ අනේ ඇත්තට අපේ හාමුදුරුවරුන්ට හරි හැටි බණක් කියා ගන්ටත් බෑ නේ .. උඹ ඇහුවද බං .. අර චැනල් එකේ බණ ... හප්පා අහන්ට එපායැ ... එ් බණ තමයි බණ .. මං හිතන්නේ සැරියුත් මුගලන් හාමුදුරුවරුන්ටත් එ් තරම් අපූරුවට බණ කියන්න බැරුව ඇති ’’
‘‘ මොකෝ නැත්තේ මාත් ගෙදර ඉද්දි පුලූවන් හැම වෙලේම අහනවා.. ’’
‘‘ එ්ක යසයි ඇයි බන් දවසක් එක හාමුදුරු කෙනෙක් කිව්ව නෙව ... මේ .... ඔය සමහර දහම් කරුණු බුදුහාමුදුරුවෝ කියලා තියෙනවාය කියලා කියන හැටි වැරදියි කියලා .... එ්ක එහෙම නෙවෙයි ලූ කියන්න තිබුණේ ... ත්‍රිපිටකයේ තියෙන දේවල් හරියටම දන්නෙ උන්නාන්සෙ කියලා කිව්වේ ’’
‘‘ පිස්සුද යසෝ නැන්දෙ... බුදු හාමුදුරුවන්ට වඩා උන්නාන්සෙ කියපු දහම ගැන ඔය චැනල් හාමුදුරුවරු දන්නවද .. ’’
‘‘ එහෙමම කියන්න එපා බං .. ඔය කියන උන්නාන්සෙ ඔය ත්‍රිපිටකය පෙරළ පෙරළ හෙව්වලූ නෙව.. ත්‍රිපිටකයෙ සමහර එව්ව බොරුලූ ... ඒ කාලේ ත්‍රිපිටකය ලියනකොට වැරදියට ලූ ලියලා තියෙන්නේ ... එ් බණ කියපු උන්නාන්සේ කියන්නේ වැරැුද්ද හොයාගත්තේ උන්නාන්සෙ කියලා නෙව .. ’’
‘‘ අනේ මන්ද යසෝ නැන්දේ එ් උන්නාන්සේගේ බණක් නං මට අහන්න හම්බ වෙලා නෑ.. ’’
‘‘ හප්පච්චියේ... එ්ක නං ලොකු අඩුවක් .. ජේතවනාරාමෙට ගෙහුං බුදුහාමුදුරුවන්ගෙන් බණ ඇහුවත් වැඩක් නෑ ... උන්නාන්සෙගෙ බණ තමයි අහන්ට තිබුණේ .. ඔය බුද්ධ දේශනාවේ වැරදි සේරම උන්නාන්සේ හොයා ගත්තාය කියනවා නේ ... ’’
‘‘ හැබෑවට .. එහෙනම් ඉතින් උන්නාන්සේ රහත් වෙලා ඇති නෙව .. ’’
‘‘ අන්න බණට හාමුදුරුවෝ වඩිනවා... බලමුකෝ මේ හාමුදුරුවොත් අඩු තරමින් .. හරි බණක් කියයිද කියලා .. ’’
යසෝහාමි දහම් ගංගාවේ ගිලෙමින් , ගොඩ එන්නට ද, පිහින ගන්නටද නොහැකිව ජීවිතය යදිමින් ඉන්නා උපාසිකාවකි . එහෙත් යසෝහාමිගේ ගෙදර වත්තේ පැල මායිමේ ඇති කොස්ගහ තමන්ට අයිති යැයි කියමින් එහා වැටේ සුමනපාල අයිතිවාසිකම් පැවසූ දිනයේ යසෝහාමි සියලූ සීලවන්තකම් ඉවත දැමුවාය . ඉවසාගත නොහැකි තෘෂ්ණාවෙන් කෝපයට පත් යසෝහාමි කැත්තක් ඔසවාගෙන සුමනපාල දෙසට කඩාපැන්නේ කැති ගා හෝ ඔහුගේ කට වැසීමට යි.
‘‘ තොට කොහෙන් ආව අයිතියක් ද බොල.. මේ කොස් පැලේ අපේ මුත්තා හිටෙව්වෙ මාව උකුලෙ තියාන .. තෝ එතකොට තොගෙ අම්මගෙ බඩෙත් නෑ.. ’’
‘‘ ඒ කතන්දර මං දන්නෙ නෑ නැන්දෙ.. මං ගිය සතියෙ මිනින්දෝරු මහත්තයෙක් ගෙනල්ලා වැට මායින් සුද්ද කෙරෙව්වා ... ඕං ඔතන වෙරළු ගහ ගාවට වෙනකල් තියෙන්නෙ අපේ ඉඩම.. ’’
‘‘ අනේ උගෙ අම්මා ගන්න .. පර බල්ලා .. ඌ දන්නෙ කොහොමද බොල අපේ ඉඩං මායිං.. මෙවුවා අපේ පරවේණි ඉඩං.. තෝ මේ කොස් ගහට අත තිබ්බොතිං කාරිය ... කැති ගානවා තෝව කීතු කීතු යන්න.. දැනගං.. ’’
සිඟිති දරුවා ද රැුගෙන තම නිවස අයිනේ සිටි සුමනපාල ගේ බිරිඳ මුව විවර කළේ මේ මොහොතේය.
‘‘ අනේ සුමනෙ .. මෙන්න මෙහෙ එන්න.. මොකෝ අපි ඔය වතු පිටි ගහ කොල යද්දි අරං යනවයැ.. ’’
‘‘ හෑ... ආවද උඹත් ඉඩං අයිතිවාසිකං කියන්න .. අනේ බොල පරට්ටියෙ .. තෝ .. මගෙං අහගන්න එපා.. තොගෙ පට්ටන්දරේ ... පට්ට වේසි .. එනවා මෙතන .. ’’
යසෝහාමි උපාසිකා මාතාව ගේ මෛත්‍රී වැඞීමත් සමග ම සුමනපාල ගේ බිරිඳ ගෙතුලට වැදුනාය. අසල්වාසී උපාසක උපාසිකාවෝ යසෝහාමි උපාසිකා මාතාවගේ මුවින් පිටවූ වදන් වැල අසා විශ්මයට පත්ව එකිනෙකා මුහුණ ට මුහුණ බලාගත්හ. අවසානයේ සිදුවූයේ පොලීසියෙන් උසාවියෙන් වැට මායිම් නඩුවක් පැවරිමය . එතැන් පටන් යසෝහාමි සුමනපාල ජන්මාන්තර වෛරක්කාරයෝ වූහ.
දැනට මාස කිහිපයකට පෙර යසෝහාමි හදිසියේ අසනීප විය. ඇය හදිසියේ ම කැපූ කෙසෙල් ගසක් ඇද වැටෙන්නාක් මෙන් බිම ඇද වැටෙනු දුවුවේ ඇයගේ තනි නොතනියට එහි සිටි මුණුපුරෙකු පමණි. ඔහුගේ කෑගැසීම ඇසී මුලින්ම ආරවුල් වැටට උඩින් යසෝහාමි බලන්නට ආවේ සුමනපාල හා ඔහුගේ බිරිඳ අසල්වාසීන්ට ද පුදුමයක් විය. වහා ගිලන් රථයක් කැඳවා යසෝහාමි රෝහල්ගත කොට ඇයව මරණයෙන් ගොඩ ගත්තේ සුමනපාල වුවද යසෝහාමි එ් ගැන සිහිපත් කරන්නේ සතුටින් නොවේ .
‘‘ ඕකා ඔය අල්ලපු වැටේ හින්දා දුවලා ආවට .. ඕකාට පුළුවන්කමක් තිබ්බනම් එවෙලෙම මගේ බෙල්ල මිරිකනවා .. හිතන්න ඇති එ්කෙන් මම මැරිලා යයි කියලා ... එහෙම උනානං ඌට නම්බුනාමත් හම්බවෙනවා .. කොස්ගහත් හම්බවෙනවා... ’’
එම සිදුවීමෙන් පසුව සුමනපාලගේ බිරිඳ වැට අද්දර සිට යසෝහාමි නැන්දාට කට කොනකින් සිනා සෙන්නට උත්සාහ කලත් යසෝහාමි එ් හැම විටම කළේ මුහුණ රවාගෙන කෙළ පිඩක් පොලවට ගසා ගෙතුළට පැමිණීමයි. සුමනපාලගේ බිරිඳ එ් සියල්ල ඉවසා දරා ගත්තාය.
සිල් පවාරන කොට ගෙදර යන්නට සූදානම් වූ යසෝහාමි උපාසිකා මාතාව කුසුමාවතී හා සුපුරුදු ඕපා¥ප කතාවෙන් මගට බැස්සාය
‘‘ අනේ ඇත්තට උඹ එ් චැනල් එකේ .. මං කිව්ව ඒ හාමුදුරුවන්ගේ බණ අහලම නැද්ද .. ’’
‘‘ අනේ නෑ නැන්දෙ ... කොහේද අපේ ගෙදර වැඩියෙන්ම කරකවන්නේ අර අනික් බණ චැනල් එක නෙව .. ’’
‘‘ එ්ක තමයි කාරනේ ... හරි හැටි නිවන් යන්න ඕනනං ඔය චැනල් එක අහලා හරියන්නෑ ... අහපන් මං අහන චැනල් එක .. එ්කේ තමයි හරියටම නිවනට යන පාර කියා දෙන්නේ.. ’’
‘‘ අනේ මන්දා නැන්දේ .. ඔය අපේ ගෙදර ලේලි එහෙම කියන්නේ ... නිවනට පාර කියා දෙන්නේ .. එ් අය අහන එකය කියල නෙව ..’’
‘‘ එ්ක නං මං දන්නෑ කොහොම උනත් මම නම් දැන් දෙයියනේ කියලා .. නිවනට යන පාරෙ .. හරියටම යන්න පටන් අරන් .... එ්කට ඔය මං අහන චැනල් එකේ තමයි ... බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන දේවල් වල තියෙන වැරදිත් හද හදා කියා දෙන්නේ ... ’’
‘‘ බලාපන්කෝ ... එ්ක තමයි.. අපේ ගෙදරටත් කියන්න ඕන .... ඔය චැනල් එක අහන්න කියලා.. ’’
හිතේ සැනසීමෙන් ටික දුරක් ඇවිද ගිය යසෝහාමි නැවතත් තම නිහ`ඩ බව බින්දාය.
‘‘ උඹට කියන්න .. කුසුමාවතියෙ... මගේ හිතේ තියෙනවා ඔය චැනල් එකේ මං අර කිව්ව හාමුදුරුවන්ගේ බනක් කියවන්න .. ’’
‘‘ එ් කිව්වේ නැන්දෙ.. ’’
‘‘ නෑ ඉතිං ඔය බණක් කියවන්න පුළුවන් නෙව රුපියල් හතලිස් පන් දාහක් ක් විතර ගෙව්වාම.. ’’
‘‘ එච්චර ගානක් යනවද ... හප්පච්චියේ..... හාමුදුරුවරු නිකං නෙවෙයි එහෙනම් බණ කියලා තියෙන්නේ ... සෑහෙන මුදලක් අරගෙන නෙව ... ’’
‘‘ එහෙම තමා බං ... බුදු බණේ උනත් අගයක් තියෙන්න ඕනෙ නෙව ... අනික .. එහෙම ගෙවුවාම .. ඒක මගෙම බණක් වෙනවා නෙ .. මගෙ නමත් දෙතුන් පාරක් කියවනවා.. අනික මාව ඔය ටැලිවිෂන් එකේ පෙන්නනවත් නෙව .. ’’
‘‘ ඒ හාමුදුරුවරුන්ට පිරිකරත් දෙනවා නේද ... ’’
‘‘ එ්ම සල්ලි ගෙවුවෙ නැත්තං ඉතිං ... ඔය චැනල් එකේ අපිට ගෙදෙට්ටම බණ ගෙනත් දෙන්නෙ කොහොමද ...’’
‘‘ එ්ක ඇත්ත තමා.. දැන් නැන්දා මොකක්ද කරන්න හදන්නේ ’’
‘‘ මං බැලූවේ මං ඔය අපේ සිරිපාල උන්නු කාලේ ඉඳන් එකතු පහදු කරගත්ත සල්ලි වගයක් තියෙනවා ... එ්කෙන් ඉතින් යන තැනට මොකක් හරි කරගන්න ඕනෙ හන්දා .. මගේ ගානෙ බණක් කියවන්න කියලා ... එ්ක ලෑස්ති කොරාගෙන උඹලටත් කියන්නම්කෝ.. ’’
‘‘ අනේ සාදු කොච්චර එකක්ද ... අපි ගමේ අනික් ඇත්තන්ටත් කියමු නේද.. ’’
‘‘ නෑ නෑ නෑ ... මං සල්ලි දීලා බණක් කියවලා ගමේ හැම එකාගෙම මූණු ලෝකෙටම පෙන්නවන්ට ඕනෙ නෑ නෙව .. උඹයි.. තව ඔය මගෙම උන් දෙතුන් දෙනෙකුටයි කියනවා .. ඒ ඇති ’’
‘‘ නැන්දගෙ කැමැත්ත නෙව .. ’’
‘‘ මම සල්ලි දීලා බණ කියවන්නෙ .. මගේ මූණ පෙන්නන්නත් එක්ක නෙව ... මගේ බණ ට .. මම නෙව ඉස්සරහින්ම වාඩි වෙන්නේ ... අනික මම නෙව බණට ආරාධනා කරන්නේ... එ්කත් පෙන්නනවනේ .. ’’
‘‘ එතකොට ඉතින් නැන්දා අපිටවත් එන්ට බැරි වෙයිද ..’’
‘‘ නෑ නෑ උඹලා වරෙල්ලා ... උඹලා ඉතින් කවදත් මට හිතයි නෙව... එ්ක හන්දා උඹලා ඉතින් දහයක් පහළොවක් ලෑස්ති වෙයල්ලකෝ.. ’’
යසෝහාමි උපාසිකා මාතාවගේ ධර්ම දේශනා පිපාසාව සංසිඳුවා ගන්නට ඇයට අවස්ථාවක් ලැබුණේ තවත් මාස කිහිපයකට පසුවයි . ඉතිරි කරගත් සියලූ මුදල් චැනල් එකට ගෙවා අහවල් හාමුදුරුවන්ගේ බණ ම ඉල්ලා සිටී යසෝහාමි උපාසිකාව එම හාමුදුරුවන්ගේම බණත් ලැබෙන බව දැනගත් විට පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියාය .
නියමිත දින චැනල් එකට යාමට වෑන් එකක් කුලියට ගත් යසෝහාමි නැන්දා තමන්ට හිතවත් කිහිපදෙනෙකුව එයට නංවාගෙන, නියමිත වේලාවට එහි ගියාය. ධර්ම දේශනාව පටන් ගන්නා වේලාවට මොහොතකට කලින් එ් සඳහා සහභාගි වන පිරිස ශාලාවේ අසුන් ගන්වන ලදී. කැමරා සියල්ල සූදානම් වූ අතර ධර්ම දේශනාව පටන් ගත්තාට පසුව කිසිවකුත් හිඳගෙන ඉන්නා තැනින් නැගිට නොයා යුතු බවටද උපදෙස් ලැබිණ . යසෝහාමි උපාසිකා මාතාවට ඉදිරිපෙළ අසුනක් ලැබිණ .
ධර්ම දේශනාව අරඹන්නට විනාඩි කිහිපයක් තිබියදී සුමනපාල තම බිරිඳත් කුඩා සිගිති පුතාත් රැුගෙන ශාලාවේ කෙළවරක මතුවන යසෝහාමි දුටුවාය .
චැනල් එක බාරව සිටි තරුණ කොලූවෙක් එ් තිදෙනාව ද ශාලාවේ කෙළවරක වාඩි කරවනු යසෝහාමි දුටුවාය ග එය කිසිසේත්ම යසෝහාමි ගේ සිත් ගත් දස දසුනක් නොවීයග
‘‘ මේ මිනිහයි ගෑනියි මොන මගුලකට මේ වෙලාවේ රිංගන්න ආවද ගගග මං අද බණක් කියනවා කියලා මේකා දැනගෙනගග හිතාමතාම ගග තමයි ඔය ඇවිත් තිබෙන්නේ ගග මට මේකව පන්නලා දාන්න හැටියක් නෑ නෙ.. ’’
යසෝහාමි තමාටම මුමුණා ගත්තාය . පසෙකින් පෙනෙන කරුණාව වැගිරෙන බුද්ධ ප්‍රතිමාව දෙස බැලූවත් යසෝහාමි ට දැන් පෙනෙන්නේ සුමනපාලගේ රුවයි. ඇගේ සිත තුල කෝපය ල වෛරය බුර බුරා නැගෙන ගිණි දැල්ලක් සේ මතු වන්නට පටන් ගත්තේ නිතැතිනි . ඇගේ දෑස කෝපයෙන් දිලිසෙන්නට පටන් ගතිග එ් සමගම සංවිධායකවරයෙක් තම හඬ අවදි කළේ යග
.. දැන් කවුරුත් නිශ්ශබ්ද වෙන්න . තව ටිකකින් හාමුදුරුවො වැඩම කරනවාගග ඉන්පස්සෙ හැමෝම අපි කියන උපදෙස් අනුව කටයුතු කරන්න ඕනෙ.. ඔය ප්‍රධාන දායක උපාසකම්මා අපි කිව්වහම දැහැත් වට්ටිය ගෙනල්ලා හාමුදුරුවන්ගේ මේසෙ උඩින් තියලා වදින්න .. අනිත් අය සාදුකාර දෙන්න ... කවුරුත් වටපිට බලන්න එපා .. නිදිමත හදා ගන්න එපා .. කැමරාවලට කාගෙ මූණ කොයි වෙලාවේ අහුවෙයිද කියන්න බෑ .. එ්ක හින්දා හැමෝම ශ්‍රද්ධාවෙන් බණ අහන්න ලෑස්ති වෙන්න.. ’’
යසෝහාමි උපාසිකා මාතාවට කර කියා ගන්නට දෙයක් නොමැති වූයෙන් ඇය කලබක වූ දෑසින් වටපිට බැලූවාය. සුමනපාල ගේ පැමිණීම දුටු කුසුමාවතී තමා දෙම බලාගෙන සිටිනු ඇය දුටුවේ ඒ මොහොතේය.
‘‘ බලාපන්කො .. මට අරූට දෙකක් ඇනලා එළියට ඇදලා දාන්න හැටියක් නැතිවෙච්ච හැටි.. ’’
ඇය එළෙස දෑසින් දෑසට පණිවුඩයක් කුසුමාවතී වෙත යොමු කළාය. කුසුමාවතී ද පණිවුඩය ලැබුනු බව දන්වා ම`ද සිනහවක් මුවට නංවාගෙන බිම බලා ගත්තාය.
ම`ද වේලාවකින් හේවිසි නාදය මැද්දේ හාමුදුරුවෝ වැඩම කරනු දැකිය හැකි විය. ත්‍රිපිටකය ද නිවැරැුදි කරමින් බුදු දහම හරියටම දේශනා කරන මේ මහා උත්තම හිමියන්ගේ රුව දුටු යසෝහාමි ට සුමනපාල පිළිබඳ මතකයද අමතක වී ගියේ ය . ඇය දුටුවේ බුදුන්ටත් වඩා ධර්මය දන්නා මුනිවරයෙකු තමා ඉදිරියේ සිටින බවයි . එවැනි මුනිවරයෙක් ගේ ධර්ම දේශනාවකට තම තනි ධනයෙන් දායකවීමට ලැබීම ඇයගේ ජීවිතයේ ලැබූ මහත් ඵල මහානිසංස පුණ්‍යකර්මයක් බව ඇයට සිතිණ .
ධර්ම දේශනාව පැවැත්වූ කාලය පුරාම යසෝහාමි සිටියේ දහම් ගඟුලක ගිලෙමිනි . වෙනත් පළාත් වලින් පැමිණි තවත් බොහෝ දෙනෙකු තමාට පසුපසින් ශාලාව පිරෙන්නට අසුන්ගෙන සිටි බව යසෝහාමි දැක ගත්තේ එය අවසානයේ සෙසු පැමිණි උපාසක උපාසිකාවෝ තම පිරිකර පූජා කරන විටය, සියල්ල අවසානයේ හාමුදුරුවෝ ආපසු වැඩියහ එහි සංවිධායක තරුණයෙක් පිරිස අමතා තවත් විස්තරයක් කරනු ඇසිණ .
‘‘ මේ ධර්ම දේශනාව ලබන විසි දෙවෙනි දා .. අඟහරුවාදා දවල් දහයට ප්‍රචාරය කෙරෙනවා .. ආයෙත් එ්ක අහන්න පුළුවන් .. පහුවෙනිදා හවස 4 ට.. එ් කිව්වේ විසි තුන් වැනිදා .. බදාදා .. මතකයි නේද හැමෝටම .. එහෙනම් ගෙදරදි ආයෙමත් තව දෙපාරක් බණ අහන්න ..’’
යසෝහාමි මහත් සතුටින් ආපසු නිවස බලා පැමිණියාය . දින කිහිපයක් ගත වීමෙන් විසි දෙවනි දා උදාවිය. යසෝහාමි සැදී පැහැදී රූපවාහිනිය ඉදිරිපිට කොට්ටයක් බිම අතුරා, එහි වාඩිවී දෙව්රම් වෙහෙරේ සිට බුදුන්ගෙන් බණ අහන්න සූදානම් වනවාටත් වඩා ශ්‍රද්ධාවෙන් මෙම ධර්ම දේශනාව සවන් දෙන්නට සූදානම් විය . කුඩා මුණුබුරා ද පසෙක පුටුවක වාඩිවී සිටිනු දැකිය හැකි විය . ධර්ම දේශනාව පටන් ගත්තාට පසුව එය මෙහෙයවූ නිවේදක තරුණයා තමාගේ නම සඳහන් කරමින් අද ධර්ම දේශනාවේ දායකත්වය දරන බව පළමුව කියන විටම ඇයගේ සිතේ සතුට උත්සන්න විය . එමෙන්ම ස්වාමීන් වහන්සේ ද ධර්මදේශනාව ආරම්භයේ උන්වහන්සේට ලබාදී තිබූ කඩදාසියක් බලාගෙන ... මුළුමහත් ලොවටම නිවැරදි බුදු දහම ප්‍රචාරය කරවන්නට යසෝහාමි උපාසිකා මාතාව ගත් මේ ප්රයත්නය ඇයට මතු අමා මහ නිවනට පත්වන්නට හේතුවන බවත් , එ් භවය ලැබෙන තුරු තාවතිංසාව , චාතුර්මහාරාජිකය ආදී මහා සැප ඇති දිව්‍ය තලවල ඉපිද ... රන් රිදී මුතු මැණික් මහා මාලිගා ලැබ මහා සැප සම්පත් විඳින්නට ද හේතු වන බව පවසද්දී යසෝහාමි උපාසිකාවගේ පපුව තුළින් මතු වූයේ සිහින් හිරිවැටීමකි. එය සතුටින් පිරී ගිය සිතුවිල්ලක් විය .
ධර්ම දේශනාව කෙමෙන් කෙමෙන් පැවැත්වෙද්දී වරින්වර ධර්මය අසන ශාලාවේ සිටි අය වෙත ද කැමරාව යොමු වනු දැකිය හැකි විය . එ් වන විට යසෝහාමි උපාසිකාව තමාව රූපවාහිනියෙන් දුටුවේ බණට ආරාධනා කරන අවස්ථාවේදීත් තව එක් අවස්ථාවකදී පමණි . හදිසියේම යසෝහාමි තිගැස්සී ගියාය . රූපවාහිනී තිරය තුල දැවැන්ත මුහුනක් ලෙසින් සමීපව දැකිය හැකි වූයේ සුමනපාලගේ සිඟිති දරුවා වැඳගෙන සිටින ආකාරයයි . එ් සමගම සුමනපාල බිරිඳත් මහත් ශ්‍රද්ධාවෙන් යුතුව බණ අසන ආකාරය දකින්නට ලැබුණි . යසෝහාමි උපාසිකාවගේ සිත තුළ අකුණක් පුපුරා ගියාක් මෙන් විය . ඇයගේ මුහුණ රතු වී දෑසින් ගිනි පුළිඟු පිටවන්නට විය . එ් සමගම නැවත හාමුදුරුවන්ගේ මුහුනෙන් ධර්ම දේශනා කරන ආකාරය දැකීමත් සමග යසෝහාමි නැවත ම`දකට නිවී ගියා ය .
බණ අසන්නට ශාලාව වෙත පැමිණ සිටි වෙනත් අයගේ මුහුණු රූපවාහිනියෙන් දුටු යසෝහාමි උපාසිකාවගේ සිතට බි`දක්වත් ධර්මය ඇතුළු වූයේ නැත . තමාව දැන් පෙන්වාවි දැන් පෙන්වාවි ඇඟිලි ගනිමින් සිටි ඇය දුටුවේ තවත් වරෙක සුමනපාලගේ බිරිඳ දෑස් පියාගෙන ළයට දෑත ලංකරගෙන වැඳගෙන හම් ශ්‍රවණය කරන සමීප රූපයකි . එ් සමඟම සුමනපාලගේ සිඟිති දරුවා නිසොල්මනේ දෑත් බැඳගෙන බණ අසන ආකාරයද පෙන්වා කැමරාවේ රූපය අන් අයට කෙමෙන් කෙමෙන් යොමුකරනවා දකින්නට ලැබුණි . දැන් තමුන් වෙතට කැමරාව යොමුවේවි සිතා සිටිය ද නැවත යසෝහාමි ව දකින්නට ලැබුනේ නැත .
‘‘ මං මෙච්චර මහන්සි වෙලා .. මෙච්චර වියදම් කරලා බණක් කියෙව්වේ අර දේවදත්තයා ගේ මූණ පෙන්නන්න ද .. ඕකානං ආත්මයක් ආත්මයක් ගානෙ මගේ පස්සෙන් එන දේවදත්තයෙක්ම තමා ... කාටවත් නොදැනෙන්න කොට්ට මෙට්ට අස්සෙ ඔබලා ඉතුරු කරගත්තු කාසි මුදල් දීලා මං කියෝගත්තු බණ අස්සෙ මූණ දාන්න මේකා ආව නෙව... ඕකට හරියට කැති පාරක් දීගන්න බැරි උනා නේ එදා ... නැත්තන් ඉතින් මගේ බණ අස්සෙ වාඩිවෙන්න ඕක ඉතුරු වෙන්නේ නෑනේ ... ආයෙත් ආවදෙන්කො උන්දැ මාත් එක්ක පැටලෙන්න.. දෙන්නෙ කැති පාරක් මේං මෙහෙම...’’
වෛරයෙන් පිරී ගිය සිතෙන් මවා ගත් සුමනපාලගේ හිස මතට සිතෙන් මවා ගත් කැත්තෙන් දෝත බදා පහරක් එල්ල කරනවාත් සමගම යසෝහාමි ගේ පපුවේ වම්පස දැඩි වේදනාවක් දැනෙන්නට විය . පපුව අල්ලාගෙන බිම ඇද වැටුනු යසෝහාමි මොහොතකින් නිහ`ඩ විය. මුණුබුරාගේ ලතෝනි හ`ඩ ඇසී සැනෙකින් එතනට දිව ගෙන ආවේ සුමනපාල හා බිරිඳයි .
සැඳෑ කාලය උදාවන විට සියල්ල නිම වී තිබුණි . චැනල් එකේ යසෝහාමි උපාසිකා මාතාවගේ ධර්මදේශනය රාත්‍රී කාලයේ දෙවන වරට නැවත ප්‍රචාරය වන විට ඇය ගෙදර සාලයේ මැද දෙනක් තුළ උඩුකුරුව , නිහ`ඩව වැතිර සිටියාය .
No comments:
Post a Comment