දෙවැනි අම්මා

දෙවැනි අම්මා

සම්පත්ගේ වාහනය සුපුරුදු ලෙසින් පාෙර් වම් පස ගේට්ටුවෙන් ඇතුළුව මිදුලේ පසෙක නැවතිනි. මාස කීපයකට පසුව පැමිණි නිසා ගොඩනැගිල්ලේ බිත්තියේ සවිකර ඇති නාම පුවරුවේ වෙනස්කමක් සම්පත් ට දැනින. ‘‘ආයුර්වේද වෛද්‍ය සේවා මධ්‍යස්ථානය’’ නව නාම පුවරුවේ ඇති විශාලම අකුරු පෙළයි. ඊට යටින් ඇති කුඩා අකුරු පේළි කියවන්නට ඔහුට අවශ්‍ය වූයේ නැත. එහි ලියා ඇති තොරතුරු අතර ‘පංචකර්ම ප‍්‍රතිකාර’  ‘මාංශපේෂි හා නහර වේදනා සඳහා ප‍්‍රතිකාර ‘ ආදී සියළු විස්තර කියවන්නට මෙහි එන කිසිවෙකුත් උනන්දුවක් දක්වන්නේ නැති බව සම්පත් හොඳින් ම දනී . සෑම දෙනෙකුම අටුවා , ටීකා කියවන්නේ නැතිවම මෙහි එන්නේ මෙය ‘සම්බාහන මධ්‍යස්ථානය‘ ක් බැවිනි. රට පුරා හතු පිපෙන්නාක් මෙන් බිහිවූ ඇති සිය ගණනක් සම්බාහන මධ්‍යස්ථාන අතුරෙන් නිසි පරිදි ආයුර්වේද සම්බාහනය සිදුවන්නේ අතලොස්සක් තැන් වලින් පමණක් බැවින් එවැනි තැනකට සම්පත් වැනි පිරිසක් නිතැතින්ම පැමිණෙති.
‘‘ ආ ... සර්.. ටික දවසකින් නේද.. ’’
කළමණාකරු කලෙක සිට හඳුනන සම්පත් පිළිගෙන වෛද්‍යවරයා වෙත යොමු කළේය. මෙවැනි තැන් වල රජයේ නිසි සහතික ඇති ආයුර්වේද වෛද්‍යවරයෙකු සේවයෙහි යෙදී ඉන්නේ නීතියෙන් පිළිසරණ ලබා ගැනීමට මිස මෙහි පැමිණෙන කාගේවත් සෞඛ්‍ය තත්වය පරීක්ෂා කිරීමට නොවන බව සම්පත් දනී . වෛද්‍යවරයා නම, ලිපිනය, වයස ලියා රුධිර පීඩනය ද මැන බලා සම්බාහනයකට සුදුසු බව නිර්දේශ කළේ සම්පත් ගේ මුවට සිනාවක් නගමිනි. 
‘‘ සර් .. හැමදාම හොඳ තෙරපියකටනෙ එන්නෙ .. මං අද හොඳ ළමයෙක් දෙන්නං.. අලූතෙන් ආවෙ .. හැබැයි හොඳට තෙරපි එක කරනවා කියලා සේරම කස්ටමර්ස්ලා කියනවා ... ’’
‘‘ එ්ක හොඳයි.. ’’
‘‘ මිනූ ... මිනූ... ’’
කළමණාකාර ගේ ඇමතුමට තද කොල පැහැ තිරය මෑත් කරමින් මතු වූයේ මැදි සිරුරක් හා තුරුණු විය යන්තමින් පසුකළ යුවතියකි.
” මිනු... මේ අපේ හොඳ කස්ටමර් සර් කෙනෙක් .. ඔයා ගන්න .. හොඳ තෙරපියක් කරන්න ..”
මිනූ , සම්පත් දෙස එක එල්ලේම බලා කිසිදු පැකිලීමක් නොමැතිව ” යමු.. සර්” යැයි කීවාය.
කලින් පැමිණි දිනයන් හි සම්පත් රිංගා ගත් තුනේ කාමරය පසුකොට ඇවිද ගිය මිනු හතරවන කාමරයට ඇතුළුවී ඇඳ මත වූ ඇතිරිල්ල මඳක් සැකසුවාය.
” සර් .. ඔයිල් ද.. ක‍්‍රීම් ද ..”
” ඔයිල් දාමු .. කකුල් වල නහර ටිකක් රිදෙනවා.. ”
” ඇත්තද.. එහෙනං සර්ෂපාදි හොඳයි.. මං අරගෙන එන්නං.. සර් චේන්ජ් එකක් දාගෙන වොෂ් එකකුත් දාගෙන එන්න..”
මිනු ඇදෙහි කෙලවරක වූ අලූත් තුවාය ගෙන ඔහු අතට දී කාමරයෙන් පිටවූවාය. ඇතැම් දිනවල සම්පත් ට හමුවන සරාගී දෑසක් හෝ සියල්ල එපා වූ දෑසක් මිනු ට නොමැති වූයෙන් ඔහුට ඇය පිළිබඳ සියුම් කුතුහලයක් ඇති වූයේ නිතැතිනි.
මඳ වේලාවකට පසුව නාන කාමරයේ වතුර මලෙන් සිහිල් වූ සිරුර යටිබැලි අතට සිටින සේ ඇඳ මත වතුරවමින් දිග ඇදුනු සම්පත් වෙත පැමිණි මිනු , ඔහු ඇඳ සිටි තුවායේ ගැටය ගලවා පිට හරහට වැටෙන සේ තුවාය දැමුවේ සම්පත්ගේ පසුපස සෙළුව කිසිදු ගණනකට නොගෙනය.
” සර්.. තෙරපිය තද වැඩිද.. මදිද.. කියලා කියන්න..”
තමා ගෙන ආ ගෙල් දෑතේ ඇඟිලි කොන් වල තවරාගත් මිනු, සම්පත්ගේ පයක යටි පතුලෙහි තවරා ඇඟිලි තුඩු, නියපොතු තුඩු වලින් සම්බාහනය ඇරඹීය. යටිපතුලෙහි කිතියත් සමග මුසු වූ සුවයකින් සම්පත් ගේ දෑස යන්තම් පියවී යන්නට විය.
” සර්.. මීට කලින් මෙතනට එනවද.. ”
”ඔවු .. මං මාසෙකට දෙකකට වතාවක් එනවා.. මිනූ ආවෙ කොයි දවස්වලද..”
” මං ඇවිත් මාසයයි සර්.. සර් එන්නෙ ගෙදරට හොරෙන් ද.. ”
” අනේ නෑ.. මගෙ වයිෆ් දන්නවා.. මං දවසක් එයාවත් එක්කගෙන ආවා.. ”
” ෂෝක් සර්.. එහෙම තමා ඉන්න  ඕනෙ.. එ්ක තමා දෙන්නගෙ තේරුම් ගැනීම .. සමහරු ඇවිත් තෙල් ගාගන්නෙත් නෑ.. ක‍්‍රීම් වලින් මසාජ් කරවා ගන්නවා.. එ් ගොල්ලන්ට මුල හරිය නෙවෙයි.. අග හරිය විතරයි  ඕනෙ... ඊට පස්සෙ බාත්රූම් එකේ ගොඩක් වෙලා ඇඟ හෝදගෙන තමා ගෙදර යන්නෙ.. බය ගුල්ලො.. ”
මිනු එලෙස කීවේ කලකිරීමෙන් ද, කෝපයෙන් ද යන්න සම්පත් ට වටහා ගන්නට නොහැකි විය. බත්කෙන්ඩ සිට කලවා දෙසට ඇදී ආ මිනූගේ දෑත සම්පත්ගේ තට්ටම් අතරින් ඉකිලි දෙසට ඇදී ගියේ සියොලඟම කිති කවමිනි. ඇයගේ අතක් ඔහුගේ ඇතැම් තැන්වල ස්පර්ෂ වූයේ අහම්බෙන් බව සම්පත් ට දැනින. තව වරක් එ් පෙදෙස ස්පර්ෂ කරන්න යැයි ඉල්ලා සිටින්නට සම්පත් ට සිතුනි. 
” මිනූ ගෙ ඇත්ත නම මොකද්ද..”
” එ් කිවුවෙ.. ”
” මේ තැන්වල ඉන්න ගර්ල්ස්ලට දාලා තියෙන්නෙ අමුතු නම් නෙ.. ඇත්ත නම නෙවෙයි නෙ..එ්කයි..”
” නෑ.. සර්.. මගෙ නම තමා මිනූ.. මං මිනූෂා.. ”
” ලස්සන නම ... මිනුෂා.. ”
” ඇයි සර්.. මං ලස්සන නැද්ද.. ”
ඇය ඇසුවේ කිසිදු රාගික හඬකින් නොවන බව දැනුනු සම්පත් ට මඳ සිනහවක් නැගුනි.
” ඇයි .. සර්.. ”
” නෑ.. මිනුට ලස්සනයි කියනවට වඩා මං කැමතියි.. අහිංසකයි කියන්න..”
” හ්ම්.. ඉස්කෝලෙ යන කාලෙ හුඟක් අය කිවුවා.. මං අහිංසකයි කියලා..  සර් .. පිට තද ඇති නේද... කොඳු ඇට පෙල වැඩිය තද කරන්න හොඳ නෑ ..  ”
” මිනු ගෙ තෙරපි එක හොඳයි ..  මං පුද්ගලික දෙයක් ඇහුවට කමක් නැද්ද .. ”
” කමක් නෑ.. සර්..  ඕනෙ දෙයක් අහන්න .. සර් හරි හොඳයි..”
” ඇයි එහෙම කිවුවෙ.. ”
” නෑ සර්... මෙතෙන්ට එන හුඟක් අය එන්නෙ තෙරපි එකකට නෙවෙයි සර්.. එයාලා මේ වෙනකොට කී පාරක් මගෙ ඇඟ අතගාන්න හදලද.. එ්ත් සර්.. සර්ගෙ පාඩුවෙ තෙරපි එක විඳිනවා.. ”
” මිනු කසාද බැඳලද..”
බෙල්ලේ දෙපැත්ත හා උරහිස් තද  කරමින් සිටි මිනුගේ දෑත් මොහොතකට නතර වී යළි ඇරඹින. සෙමින් නැගුනු සුසුමක හඬ සම්පත්ට රහසක් නොවීය.
” මට කවදාවත් එහෙම දවසක් එන එකක් නෑ සර්.. ”
” ඇයි එ්.. ” සම්පත් ද තරමක් තිගැස්සෙමින් ඇසීය.
” සර්.. අනික් පැත්ත හැරෙන්නකො.. ”
පසෙක තිබූ තුවායෙන් විළි වසාගනිමින් උඩුබැලි අතට හැරෙන්නට සම්පත් අසාර්ථක උත්සාහයක් ගත්තේය. මිනු ඔහුට උදව් කරමින් තුවාය ඇගේ අතට ගත් අතර, නිරුවතින් උඩු අතට හැරුනු සම්පත්ගේ සෙළුව යන්තමින් වැසෙන්නට පසුව ඇය තුවාය දැමුවාය. කකුල් වල උඩු පතුල, ඇඟිලි , විළුඹ ඇගේ ඇඟිලි වලින් සම්බාහනය කරමින් ම ඇය සියල්ලට පිළිතුරු බැන්දාය.
” මං කසාද නොබැන්දට මට දරුවො හතර දෙනෙක් සර්.. අම්මයි , තාත්තයි දෙන්නත් මං ගාව. සර්.. පුදුම උනා නේද.. නෑ සර්.. මං තාම කාගෙන්වත් කරදරේක වැටිලා නෑ.. මං නරකෙට ජීවත් වුනු කෙල්ලෙක් නෙවෙයි සර්.. මට අයියා කෙනෙකුයි, අක්කා කෙනෙකුයි හිටියා 
.. අයියයි අක්කයි කසාද බඳිද්දිත් මං ඉස්කෝලෙ යනවා.. එයාලා දෙන්නට දරුවො හතර දෙනෙක් ඉන්නවා. අයියට ලොකු කොල්ලයි කෙල්ලයි. ලොකු එකා මේ පාර  ඕලෙවල් කරනවා. කෙල්ල නවය වසරෙ. .. ”
මිනූගේ දෑත් කලවේ තැවරුනු බෙහෙත් තෙල් මතින් ලිස්සා එමින් සම්පත් ගේ ලිඟුවේ ද දැවටෙමින් ඉහලට පහලට ඇදී යයි. ඇගේ අතැඟිලි ඔහුගේ සියළු තැන් හි දැවටෙන්නේ කිසිදු හැඟීමකින් තොරව බව දැනෙන සම්පත් ගේ සිතට ද එ් ස්පර්ශයෙන් රාගික සිතුවිලි පහල නොවේ. දෙදෙනාම නිෂ්ක‍්‍රීය සිරුරු දෙකක් වැනිය. 
” දැන් අවුරුදු දහයකට  විතර කලින් අයියාට ලොකු ඇක්සිඩන්ට් එකක් වුනා. එ්කෙන් කකුල් දෙකම කැඩුනා. බෙහෙත් කරලා සනීප වුනත් හරියට ඇවිදගන්න බෑ. කකුල් ඇද ඇද තමා ගෙදර ඇවිදින්නෙ. ළමයි ජීවත් කරන්න කියලා එ් අක්කා කුවේට් වල රස්සාවකට ගියා. අවුරුදු දෙකක් විතර ආවා ගියා. සල්ලි එවුවා. දැන් අවුරුදු අටක් වෙනවා අක්කා ලංකාවට ආවෙත් නෑ. සල්ලි එවන්නෙත් නෑ. කොහෙද ඉන්නෙ කියලවත් අපි දන්නෙ නෑ සර්. .. පුළුවන් තරං හෙව්වා.. ඔන්න කොහෙද කාන්තාර පළාතක ගෙදරක ඉන්නවලූ.. බංගලි මිනිහෙක් එක්ක... ”
” දෙයියෝ සාක්කි.. පුදුම ගෑණිකේනෙ.. ”
” ඔව් සර්.. පුදුම ගෑණු අතරෙ.. තවත් එක පුදුම ගෑණියෙක්.. පොඩි උන් දෙන්නයි.. අයියයි ඉන්නෙ මහ ගෙදර..  දැන් අවුරුදු අටක් තිස්සෙ මං තමා එයාලව රකින්නෙ. .. ගහෙන් වැටුනාම නැගිටින්න පුළුවන්.. එ්ත් එ් මිනිහට ගොනෙකුත් ඇන්නාම කොහොමද ඔළුව උස්සගන්නෙ සර්.. ”
” ඇයි මොකද වුනේ.. ”
” අයියා එකතැං උනාටත් පස්සෙයි පොඩි අක්කා කසාද බැන්දෙ.. අක්කට කෙල්ලොම දෙන්නෙක් .. ලොකු කෙල්ල දැන් හතේ සර්.. දැන් අවුරුදු දෙකකට කලින් අක්කා හදිසියෙම පපුවෙ අමාරුවක් හැදිලා මැරුනා. අනේ.. පොඩි කෙල්ලට එතනොට අවුරුද්දයි. මං තමා එතන ඉඳන් කිරි බෝතලේ පොවාගෙන පොඩි එකීව ලොකු මහත් කළේ... ”
” එතකොට එ් අයියා.. ”
” ටික දවසක් ගියාම එ් මිනිහා දරුවොත් දාලා ගියා සර්. ඔන්න ඔහෙ කුරුණෑගල පැත්තෙන් තව ගෑණියෙක් අරන් පදිංචි වෙලා ඉන්නවලූ .. තමුන්ට දරුවො දෙන්නෙක් ඉන්නවා කියලවත් ගාණක් නෑ.. එ් පැටව් දෙන්නත් දැන් මගෙ.. ”
” මිනූ කොහොමද මෙච්චර කාලයක් ඔය දරුවන්ව බලාගත්තෙ..”
” අවුරුදු හයක් විතර ගාමන්ට් ගියා. කකුල් කැක්කුම හැදෙනකල් මැෂින් පෑගුවා. එ්කෙන් අපි ඔක්කොටම ජීවත් වෙන්න බෑ සර්.. ඇයි සර්.. නිතර නිතර අසනීප වෙන අම්මා තාත්තා දෙන්නත් බලාගන්න මං විතරයිනෙ ඉන්නෙ.. පස්සෙ මෙතනට ආවා.. ”
‘‘ මිනූ ඊට කලින් කිසිම පිරිමියෙකුවත් ආශ‍්‍රය කරන්නෙ නැතුව කොහොමද මේ වගේ රස්සාවකට පුරුදු වුනේ.. ’’
සම්බාහනයේ යෙදී තිබූ දෑත් මොහොතකට නතර විය. කෙටි සුසුමක විරාමයකට පසු නැවතත් ඇගේ දෑත් සම්පත්ගේ දෙකලවා පොඩි කරන්නට විය.
‘‘ ගොඩක් දේවල් අහන්න එපා සර් .. මට ඇඩෙයි .. ’’
‘‘ සොරි මිනූ .. ’’
‘‘ නෑ .. සර්.. මං පත්තරේ දැන්වීමක් දැකලා ආවෙ .. ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයකට තෙරපි වරියන්.. කියලයි දැන්වීමෙ තිබුනෙ. ඒත් මං දන්නවා ඔය කියන්නෙ මසාජ් ක්ලිනික් එකක් තමා කියලා.. දැනගෙනම හිත තද කරගෙන ආවා.. ’’
මේ යකඩ හිතක් ඇති ගැහැණියගේ හදවත තුළ ජීවත් වන ආදරණීය මාතාව දැක ගන්නට සම්පත්ට වැඩි වේලාවක් ගතවූයේ නැත. තමා තුළ සැගවී ඉන්නා අනුකම්පාව අවදි වන්නට තැත් දැරූවත් එය ආයාසයෙන් වලකා ලන්නට සම්පත් උත්සාහ කළේය. ඒ අන් කිසිවක් නිසා නොව තමා ද සීමා බැමි රැුසකින් බැඳී ඇති බැවිනි. කිසිවක් කතා නොකරමි යැයි අදහස් කළ ද ඇය හා එක්ව විවර කළ තොරතුරු දොරටුවෙන් ගලා එන සියල්ල වලකා ලන්නට සම්පත් ට සිත් නොදේ.
‘‘ කවුද පුරුදු කළේ.. ’’
‘‘ මෙතන හිටිය අක්කා කෙනෙක් මාවම ඇඳට දාලා පුරුදු කළා. ඉන් පස්සෙ එයාම පිටින් ආපු පිරිමි කෙනෙක්ව මසාජ් කරද්දි මාවත් ඇතුළට ගත්තා. එදා තමා මං ලොකු පිරිමි කෙනෙකුගෙ ඇඟ එහෙම පිටින්ම දැක්කෙ. මාව සිටි  සිටි   ගාලා ගැහෙන්න ගත්තා. ඒත් මට එකපාරටම ගෙදර ඉන්න පොඩි එකීව මතක් වුනා. මං මේකට හුරු උනේ නැත්තං ඒ අහිංසක පැටවු බඩගින්නෙ නේද කියලා මතක් වුනා.. මං හිත හදා ගත්තා සර්.. ඇත්තටම මට දුකයි සර්.. ඒත් මට මේ රස්සාව කරන්නම වෙනවා. දරුවො හතර දෙනෙක් .. අම්මා තාත්තා.. නඩත්තු කරන්න කවුද සර් ලොකු පඩියක් හම්බවෙන රස්සාවක් දෙන්නෙ...
‘‘ ඒ කියන්නෙ මිනූට පිරිමි ඇඟක් දැක්කාම කිසිම ආසාවක් .. හැඟීමක් ඇති වෙන්නෙ නැද්ද .. ’’
‘‘ ඇත්තටම නෑ සර් ... සර්ගෙ මේ අතක ඇඟිල්ලක් අතගානවා වගේ තමා කොතන අතින් ඇල්ලූවත්.. මගේ ඇෙඟ් ඒ ජාතියෙ දැනෙන නහර දැන් කපලා දාලා සර්.. ’’
‘‘ මිනු එතකොට කසාදයක් බඳින්නෙම නැද්ද.. ’’
‘‘ පොඩි එවුන් ආයෙත් අනාත වෙයිනෙ සර් ... කවුද මාව හරියටම තේරුම් ගන්නෙ .. මට හම්බවෙන මනුස්සයා කැමතිවෙන එකක් නෑනෙ මං සහෝදරයන්ගෙ දරුවන්ට සලකනවට .. අනික මට මේ කිසිම රස්සාවකට එන්න බෑනෙ කසාද බැන්දම ... එතකොට මං ජීවත් වෙන්න  ඕනෙ මනුස්සයා හම්බ කරන සල්ලි වලින් . ඒවයින් මං කොහොමද මේ පොඩි එවුන් ලොකු මහත් කරන්නෙ .. ’’
‘‘ ඒ උනාට මිනූගෙ අනාගතේට මොකද වෙන්නෙ.. ’’
‘‘ මොනා වෙන්නද සර් ... තව ටික දවසකින් අම්මලත් මැරිලා යයි.. එතකොට උන්ට මං විතරයිනෙ .. ’’
‘‘ අනේ මන්දා මිනූ.. ’’
‘‘ උන්ගෙ කර දඬු උස් මහත් කරගන්නකල් මං නොමැරි උන්නොත් ඇති.. කවදහරි උන් මාව නොබැලූවත් කාරි නෑ.. මං කොහේ හරි අගු පිළක මැරිලා යාවි... ’’
 දිගු සුසුමක් හෙලා මිනූ මොහොතකට ඉවත බලා ගනී. තමන් ඇය සමග කතා කරනවා වැඩිදැයි වරෙක සම්පත් ට සිතේ. එහෙත් පැයක කාලය නිසි ලෙස පාලනය කරමින් ඇය සම්බාහනය නියමිත පරිදි පවත්වා ගෙන යන බවක් සම්පත් ට දැනේ.
බඩත්, පපුවත් අවසන් කොට මිනුගේ දෑත් දැන් හරඹ කරන්නේ සම්පත් ගේ දෑත් සමගය. උරහිස්, වැලමිට, මැණික් කටුව, අතැඟිලි අපූරුවට මිනු ගේ දෑතින් තැලී යයි. 
” මෙතන හොඳයි ද ”
” කරදරයක් නෑ.. දවසට කස්ටමර්ස් ලා දෙන්නෙක්.. තුන්දෙනෙක් ආවහම ... මාසෙකට පණහක් හැටක් විතර එකතු වෙනවා. මගෙන් තෙරපි ගත්ත කස්ටමර්ස්ලා ගොඩාක් ආයෙත් මාවම ඉල්ලගෙන එනවා. .. එක එක අය එක එක විදියයි.. එ්ත් මගෙ හිත හොඳයි.. මං දැනගන්න  ඕනෙ එයාලගෙන් පරිස්සං වෙන්න. එයාලා එන්නෙත් සතුටු වෙන්නනෙ.. එයාලට  ඕනෙම කියලා හිතුනොත් මං ටී ෂර්ට් එක උඩට ඇදලා පපුව ටිකක් අතගාන්න දෙනවා.. එච්චර තමයි ..  පවුනෙ සර්.. ” 
අත් දෙකෙහි තෙල් ඇතිරීම අවසන් කළ මිනූ සම්පත් ගේ කලවා පෙදෙසේත්, යටි බඩ පෙදෙසේත් ඇගේ ඇඟිලි තුඩු සෙමෙන් එහා මෙහා ගෙන යයි. ඇඟ සලිත කරවන කිතියකින් සම්පත්ගේ සියොලඟ ඇවිලී යයි. මඳ වේලාවක් එහා මෙහා ඇදුනු මිනූගේ දකුණත සම්පත්ගේ ළිඟුව  සෙමෙන් පිරිමදින්ට පටන් ගනී. 
” සර් .. තෙරපිය විතරක් ද... ”
එ් අසන්නේ කුමක්දැයි ඔහු ලෙහෙසියෙන්ම තේරුම් ගනී.
” එපා මිනූ... ඔයාට කියලා වෙනින් මොකුත් කර ගන්න මට හිතෙන්නෙ නෑ.. ”
” සර්.. පවුනෙ..”
” කමක් නෑ.. මිනූ .. අදට ඔය ඇති. ..”
” වොෂ් එකක් දා ගන්නවද.. ඔහොමම යනවද.. තව පැයක්වත් වොෂ් එකක් නොදැම්මොත් තමා තෙල් ඇඟට වදින්නෙ..”
” මං මෙහෙමම යනවා... ”
” සර් එහෙනං චේන්ජ් කරගන්න.. මං අත් දෙක හෝදගෙන එන්නං.. ”
මිනූ ඉවත ගියාට පසුව සම්පත් තම ඇඳුම් හැඳ ගනිමින් පියවි සිහියට පත්වන්නට උත්සාහ ගත්තේය. මේ තවත් එක් ජීවිතයක් පමණක්දැයි ඔහුට වටහා ගන්නට නොහැකි විය. මිනූ යළි කාමරය තුළට පැමිණ ඇඳ ඇතිරිල්ල ඉවත් කරන්නට විය. දහසේ නෝට්ටුවක් අතට ගෙන සම්පත් ඇය දෙසට හැරින.
” මිනූ.. මේක තියාගන්න.. ඔයාට වරදින්නෙ නෑ.. මං ආයෙමත් එන්නං..”
” නෑ.. සර් .. මට සර්ගෙන් සල්ලි එපා... මට ප‍්‍රශ්න තියෙනවා.. ගොඩාක් තියෙනවා.. මේ දවස්වල මං කල්පනා කරන්නෙ පැටවු හතර දෙනාට ජනවාරියෙ පොත් ලැයිස්තු අලූතෙන් අරන් දෙන්නෙ කොහොමද කියලා.. එ්ත් මට සර්ගෙන් සල්ලි එපා.. ”
” එහෙම බෑනෙ මිනූ.. එ්ක මගෙ හිතටත් හරි නෑ.. ”
” සර්ගෙන් සල්ලි එපා සර්.. මගෙ කතාව අහන ගමන් සර් මගෙ දිහා බලාගෙන උන්නු බැල්මෙ තිබුනු අනුකම්පාව.. මට කෝටියකට වඩා වටිනවා.. සර් හරි හොඳයි සර්.. මං මගෙ කතාව කිවුවෙ සර්ට විතරයි.. එ් සර් හොඳයි කියලා මට හිතුනු හින්දා... ආයෙත් එන්න සර්.. පල්ලෙහායින් ටිකට් එක විතරක් දාගෙන එන්නකො.. ..”
මිනූගේ උරහිස් දෙක මතට දෑත් තැබූ සම්පත් එක එල්ලේම ඇගේ දෑස් දෙස බැලීය. මිනු ගේ දෑස් ඔහු දෙස යොමු වුව ද එහි ඇතුළත ගුලි වී ඇති කªළු බිª තවත් මොහොතකින් දෝරේ ගලා යන ලෙසින් තිබූයෙන් ඇය ඉවත බලා ගත්තාය.
සම්පත් මොහොතක් ඇගේ දෑස දෙස බලා සිට දකුණතින් හිස අතගා සෙමෙන් සෙමෙන් කාමරයෙත් ඉවත ගියේ යළි ඇය හමුවන්නට එන්දෝ නොඑන්දෝයි දෙගිඩියාවෙනි.

No comments:

Post a Comment